විදුලි විසන්ධි කිරීම හමුවේ දුරකථන සංඥා ගැටලු

පැය ගණනාවක් අඛණ්ඩව විදුලි විසන්ධි කිරීම හමුවේ ඇතැම් ප්‍රදේශවල දුරකථන සංඥා ගැටලු මතුව ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, සංඥා කුළුණුවල විදුලිය විසන්ධි වූ අවස්ථාවල විදුලිය ලබා ගැනීමට ඇති ජනන යන්ත්‍රවලට ඩීසල් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් එම සංඥා කුළුණු අක්‍රීය වන අතර එහි ආවරණ කලාප ආශ්‍රිතව අන්තර්ජාල සේවා ලබාගැනීමේ ගැටලු ඇතුළු ගැටලු කිහිපයක් පැන නැගී තිබේ.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඒ අනුව සෑම දුරකථන සංඥා කුළුණකට ඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා විශේෂ මෘදුකාංගයක් ද සකස් කර ඇති බව ඔහු පැවසී ය.

පුවත යවන්න