විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රේගුවෙන් දැනුම්දීමක්

විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් සහ නේවාසිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී ශ්‍රී ලංකාවේ රේගුවේ ලියාපදිංචි ආයතන සමඟ පමණක් කටයුතු කරන ලෙස රේගුව දැනුම් දෙනවා.

පසුගිය කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ භාණ්ඩ අස්ථානගතවීම් පිළිබද පැමිණිලි රැසක් ලැබී තිබුණා.

ඒ පිළිබද විමර්ශනය කිරීමේ දී හෙළිවී ඇත්තේ රේගුවේ ලියාපදිංචි නොවූ ආයතන මගින් එම භාණ්ඩ මෙරටට එවා ඇති බවයි.

]එලෙස ලියාපදිංචි නොවූ ආයතන මගින් භාණ්ඩ එවීමේ දී ඒ සදහා වගකිව නොහැකි බැවින් රේගුවේ ලියාපදිංචි ආයතන මගින් පමණක් භාණ්ඩ එවන ලෙසයි රේගුව ජනතාවට දැනුම් දෙන්නේ.

 

පුවත යවන්න