විදෙස්ගත ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකටම අතිරේක රුපියල් 2ක් /වැඩසටහන ක්‍රියාත්මකයි

විදෙස්ගත ශ්‍රමිකයින් ප්‍රේෂණ ලෙස මෙරට එවනු ලබන ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් දෙකක් ගෙවීමට ඉදිරිපත් වූ අයවැය යෝජනාව මේ වන විට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

ඒ අනුව සෑම ඩොලරයක් වෙනුවෙන්ම රුපියල් 2ක බැගින් එම ගිණුම් සඳහා බැරවීමට නියමිතයි.

කෙසේ වෙතත්, වාණිජ බැංකු මහබැංකුවෙන් ඉල්ලා ඇත්තේ විදෙස් ප්‍රේෂණවලින් සියයට 10ක් අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක වීමට පෙර පැවති ක්‍රමවේදය අනුව පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් මගින් උපයා ගත් බව වාණිජ බැංකු පෙන්වා දී තිබෙනවා

පුවත යවන්න