විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපතිවරයා අද (25) ජාතිය අමතමින් සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු කිහිපයකට විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මේ වනවිට ජනාතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට එහිදී විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.

🔺 පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම.
🔺 පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතවසිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.
🔺 එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් විනාශ වී පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.
🔺 ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින දරුවන් වෙනුවන් ඉතා ඉක්මන් විසඳුම් ලබා දීම.
🔺 කොරෝනා වසංගත ව්‍යාප්තියට පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම)

🔺 කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම

පුවත යවන්න