විභාග උත්තර පත්‍ර ඇගයීමේ දීමනා වැඩි කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවක්

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන ගෙවීම් වැඩි කිරිම සහ මෙතෙක් පැවති හිඟ මුදල් ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැනට පවතින මුදල වැඩි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දුන් බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කරමින් එම ගෙවීම් සිදු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

විභාග ප්‍රතිඵල පමා වුවහොත් එය දරුවන්ගේ ජීවිතයට බලපාන බවත් එබැවින් දරුවන්ගේ යහපත සැළසෙන ආකාරයට හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන්නැයිද හෙතෙම පැවසීය.

පුවත යවන්න