විරෝධතා කළොත් වසර 20ක් හිරේ / මියන්මාර හමුදා පාලනය කියයි

මියන්මාරයේ හමුදා විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව නව නීති හදුන්වාදීමට එරට හමුදා පාලනය පියවර ගෙන තිඛෙනවා.
ඒ අනුව විරෝධතාවලට සම්බන්ධ වන්නන්ට වසර 20 ක සිර දඩුවමක් ලබාදෙන බවයි අද නිවේදනය කෙරුණේ.
කෙසේ වෙතත් එම නියමයන් නොතකා දහස් සංඛ්‍යාත පිරිස් එරට වීථිවල විරෝධතා පවත්වමින් පවතිනවා.
පසුගියදා මියන්මාර හමුදා පාලය විසින් එරට සිරකරුවන් 23,000 ක් දිනක් තුල මුදා හරිනු ලැබුවා.
ඒ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ පියවරක් ලෙස පවසමින්.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ බන්ධනාගාර හිස් කිරීමේ අරමුණ විරෝධතාකරුවන්ට එරෙහිව පියවර ගැනීම බවයි.

පුවත යවන්න