අඛණ්ඩව 6වන දිනටත් විරෝධයේ නිරත වන මියන්මාර විරෝධතාකරුවන්ට එරට හමුදා පාලකයා විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඔහු විශේෂ ප්රකාශයක් සිදුකරමින් සදහන් කළේ ,වහාම වැඩ වර්ජන හා විරෝධතා නවතා සේවා ස්ථානවලට වාර්තා නොකළහොත් දැඩි පියවර ගන්නා බවයි.
විරෝධතාකරුවන්ගේ බාධා හේතුවෙන් ඇතැම් සිවිල් නිලධාරීන්ට පවා සිය රාජකාරි ඉටු කිරීමට බාධා මතුව ඇති බවද මියන්මාර හමුදා පාලනය පවසනවා.
මියන්මාර මහ බැංකු සේවකයන් පවා වර්ජනයට එක්ව සිටින අතර ඔවුන් සේවාවල යෙදී සිටින පිරිස් ද විරෝධතා සඳහා එක්කර ගනිමින් පවතිනවා.
මේ අතර සී එන් එන් වෙත අදහස් දක්වමින් විරෝධතාකරුවන් පැවසුවේ මෙම විරෝධතා සතියක් මාසයක් නොව හමුදා පාලනය යළි හරවන තෙක්ම සිදුකරන බවයි.
මේ අතර අමෙරිකාව විසින් මියන්මාර හමුදාවට සම්බන්ධ ඩොලර් බිලියනයක මුදලක් අමෙරිකාවෙන් බැහැර කිරීම තහනම් කර තිබෙනවා.
ඒ විධායක නියෝගයක් පනවමින්.
මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය වහා තහවුරු කරන ලෙසයි අමෙරිකානු ජනාධිපතිවරයා යළිත් ඉල්ලීමක් කර තිබුණේ.