ඉදිරියේදී විශාල මට්ටමේ කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පැවසුවේ ඔමික්‍රෝන් අවදානම මීට බලපෑ හැකි බවයි.
මහා පරිමාණයෙන් ආසාදිතයන් වාර්තා වුවහොත් ඒ හරහා සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ලවිය හැකි බවද එම සංගමය අවධාරණය කළා.
මෙරට ජනගහනයෙන් සියයට 25ක් පමණක් බූස්ටර් එන්නතක් ලබාගෙන පැවතීම අවදානම් තත්ත්වයක් බවයි පෙන්වා දී ඇත්තේ.
ඉදිරියේදී මහා පරිමාණ ආසාදන වාර්තා විය හැකි බැවින් දැඩි මට්ටමෙන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කළේ.