විෂ පොල්තෙල්වලට කලින් විෂ මිරිස් ගෙනත් / නීති ප්‍රමාණවත් නෑ – GMOA

ශ්‍රී ලංකාවට ආහාර ආනයනය කිරීමේ දී ඒවායේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා නිසි වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දියයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ එවන් නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම තුළින් ශරීරයට අහිතකර බොහෝ ආහාර ද්‍රව්‍ය ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව ඇති බවයි.
මීට පෙර කිරිපිටි හා වියළි මිරිස් සම්බන්ධයෙන්ද මෙවැනිම සිදුවීම් වාර්තා වී තිබෙනවා.
2019 වසරේ අග භාගයේදී සමාගම් 17ක් විසින් මෙරටට ආනයනය කළ ඇෆලටොක්සීන් අඩංගු වියළි මිරිස් මෙට්‍රික්ටොන් 200කට අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිදහස්වීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවුණා.
ඒ අනුව රාසායනාගාරවලින් ශරීරයට අහිතකර බවට තහවුරුකර තිබියදීත් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත්වීමට හේතුව බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම බවයි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ.

ජනතාවගේ සෞඛ්‍යට වඩා ව්‍යාපාරික අවශ්‍යතාවයන් සැපිරෙනව ද කියලා කරුණක් අපිට මතු වෙනවා. මීට කලින් මිරිස් ගෙන්වීමේදීත් මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒවා යටගිය කාරණා බවට පත්වුණා. දැන් පොල්තෙල් සම්බන්ධයෙනුත් ඇතිවෙලා තියෙන තත්ත්වය හමුවේ, මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා.

පුවත යවන්න