වීථි පහන් නිවා දමන්න මුදල් ඇමතිගෙන් උපදෙස්

පවතින විදුලි අර්බුදය හේතුවෙන් සියලුම වීථිවල සවිකර ඇති විදුලි පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.

සිය බල ප්‍රදේශවල ඇති සියලුම වීථිවල සවිකර ඇති විදුලි පහන් නිවා දමන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලනය ආයතන ප්‍රධානීන්ගෙන් මුදල් අමාත්‍යවරයා මෙලෙස ඉල්ලීමක් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් අද මේ බව දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

පුවත යවන්න