තිරුක්කෝවිල් පොලිසිය තුළදී සහොදර නිලධාරීන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම් සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛෙනවා.
සැකකරු අද අක්කරෙයිපත්තුව මහේන්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සදහන් කළේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම මත මේ වනවිටත් විශේෂ විමර්ශනයක් ද සිදුවනවා.
ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව තිබුණු අතර එහිදී පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු පොලිස් ස්ථානය තුළදීම මියගොස් තිබුණා.
තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිළදධාරීන් තුන් දෙනෙකු රෝහල් ගත කර තිබු අතර අද පස්වරුවේ ප්‍රතිකාර ලබමින් සිටි නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩි තැබීම සිදුකළ සැරයන්වරයා ඔහුගේ ගම් ප්‍රදේශය වන ඇතිමලේ පොලිසියට භාර වී තිබුණේ වෙඩි තැබීමට යොදා ගත් බව කියන ගිණි අවි දෙකද සමගයි.