සෞඛ්‍යයට අහිතකර කිසිදු පොල්තෙල් තොගයක් වෙළෙඳපොළෙන් මෙතෙක් හමු වී නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ , සියලු දිස්ත්‍රික්වලින් ලබා ගත් පොල්තෙල් නියැදි 109ක මිනිස් සිරුරට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවූ බවයි.
ඒ හේතුවෙන්, කිසිදු බියකින් තොරව වෙළෙඳපොළේ පවතින පොල්තෙල් පරිභෝජනය කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙනවා.