වෛද්‍ය සාෆිගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි මහතා විසින් එම පෙත්සම ගොනුකර තිබුණා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා

පුවත යවන්න