ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක් – ප්‍රවීන් ජයවික්‍රම වාර්තාගත පන්දු යැවීමක

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පල්ලේකැළේදී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 493ක් රැස් කර ඉනිම අත්හිටවූ අතර බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 251 ක් පමණි.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 194 ක් රැස් කළ අතර ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 437ක්.

ලකුණු 437ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 227ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමග තරඟ 2න් සමන්විත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකියාව ලැබුණි.

සිය මංගල ටෙස්ට් තරඟයේදීම කඩුලු 11ක් දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුුණා.

පුවත යවන්න