ශ්‍රී ලංකාවේ ණය කපා හැරිය යුතුද?

ශ්‍රී ලංකාවේ විදෙස් ණය කපා හැරිය යුතු බවට අර්ථ ශාස්ත්‍රඥයින් පිරිසක් පසුගිය කාලයේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය මතය සඳහන් කළේය. අධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ණය ගෙවිය යුතු බවත්, ශ්‍රී ලංකාට අවශ්‍ය වන්නේ ණය ගෙවීමට සහන කාලයක් පමණක් බවත්ය.

ණය ඇත්තවශයෙන්ම ගෙවිය යුතුයි. මම දැක්කා මතයක් තියෙනවා, බොහෝ දෙනෙක් අත්සන් කරලා, debt cancellation එකක් කරන්න ඕනේ කියලා, විද්වත්තු රාශියක් ප්‍රකාශයක් කරලා තිබුණා.

යම්කිසි රටක් පුද්ගලයෙක් වුණත් අපි ගත්ත ණය කවදාවත් ගෙවන්නේ නැහැ කියලා. කිසිම කෙනෙක් ආයෙත් ණය දෙන්නෙත් නැහැ. කිසිම ආකාරයක ඒ රටක ආයෝජනය කරන්නෙත් නැහැ. ඒ රටට පුද්ගලික අංශයට ණයක් දෙන්නේත් නැහැ. ඒ රට වාර්තා වෙනවා කවදාවත් ණය නොගෙවන රටක් විදියට. ඒක නෙමෙයි අපි සඳහන් කරන්නේ. ණය ගෙවන්න අපිට සහන කාලයක්.

පුවත යවන්න