ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළ වෙනස් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගවල නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට ලබා දී ඇති බව වාර්තා වේ.

පසුගිය පාකිස්ථාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් දසුන් ශානකට ඉන් පසුව පැවති බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වුණා.

වීසා පිළිබද මතු වු ගැටළුවක් ඊට හේතු වී තිබු අතර ඉන් පසුව කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා පත් කර තිබුණා.

එංගලන්ත තරග සංචාරයේ තරග පරාජයත් සමග කුසල්ගේ නායකත්වය පිළිබද විවේචන එල්ල වී තිබුණා.

පුවත යවන්න