ශ්‍රී ලංකාවට ඇතුළු රටවල් කිහිපයකට පිලිපීනයෙන් තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පිලිපීනය පනවා තිබු සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිඛෙනවා.

පවත්නා කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම සංචාරක තහනම පනවා තිබුණා.

මෙම මස 30 වනදා දක්වා අදාළ තහනම බලපැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය,නේපාලය,ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට මෙම සංචාරක තහනම බලාත්මකයි.

පුවත යවන්න