චීනයේ හමුදා හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය පසුගිය දා වාර්තාවක් නිකුත් කළේ ය.
එහි සඳහන් වන්නේ චීනය තමන්ගේ හමුදා බලය විශාල ප්‍රදේශයක පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක සිය හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට ඉඩ ඇති බවයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊට පිළිතුරු දෙමින් නිකුත් කළ ටිවිටර් පණිවිඩයකින් කියා සිටියේ, සොරකු අනෙකුත් සියලු දෙනා සොරකම් කරන්නේ යැයි සිතන බවයි.
අමෙරිකාව දැනටමත් විදේශ හමුදා කඳවුරු 750 ක් ස්ථාපනය කර ඇති බව ද චීන තානාපති කාර්යාලය එම පණිවුඩයේ සඳහන් කර ඇත.
2030 වනවිට චීනයේ න්‍යෂ්ටික අවි ප්‍රමාණය දාහක් දක්වා වැඩි කරගත හැකි බවට පෙන්ටගනය නිකුත් කළ වාර්තාවේ කළ අනාවරණයට පිළිතුරු දුන්නේ චීන විදේශ අමාත්‍යාංශ ප්රකාශකයායි.
ඔහු පවසා ඇත්තේ චීනයට එරෙහිව න්‍යෂ්ඨික අවි භාවිත නොකරන කිසිදු රටකට එරෙහිව චීනයේ න්‍යෂ්ටික අවි මගින් තර්ජනය නොකරන බවයි.