පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විසින් පහර දී ඝාතනය කර තිබුණි.
අනතුරුව මාර්ගයට රැගෙනවිත් ඇති මළ සිරුරට ඔවුන් විසින් ගිනිතබා ඇති අතර එම අවස්ථා විශාල පිරිසක් අවට එක්රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය පාකිස්තානයට ලැජ්ජා සහගත කරුණක් වන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.