මේ වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ජාවකදී මේ පිළබඳව තීරණය කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.
පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී තිබේ.
ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ මේ සම්බන්ධ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.