ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහළ ගියේ සිසුන් දක්ෂ නිසා / අධ්‍යාපන ලේකම්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ යාමට හේතුව සිසුන් වැඩි දක්ෂතා දැක්වීම බව අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ 2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි.

“මේ පිළිබඳව තිබෙන සත්‍යම තත්ත්වය තමයි ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දරුවන් ලබාගත්තු ලකුණු ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පවත්වන සියලුම කතා නිවැරැදි නෑ. ඒවායේ සාවද්‍ය කරුණු තියෙනවා. ඒ වගේම 2017, 2018, 2019 සහ 2020 වසරවල ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කරපු ශිෂ්‍ය සංඛ්‍යාවත්, පාසල්වල තිබෙන පන්ති සංඛ්‍යාවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. ඒකෙන් ඔබ සියලුදෙනාටම සත්‍ය පැහැදිළි වෙයි.”

පුවත යවන්න