ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ගැනීම මසකින් කල් දමයි

2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන්ඉ දිරියේ දී කටයුතු කරන බවයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස බලකරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අද විරෝධතාවයක් ද සංවිධානය කර තිබුණා.
ගුරු සංගම් ද පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහළ දැමීමෙන් සිසුන් අසාධාරණයට ලක්ව ඇති බවයි.

පුවත යවන්න