ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22 / උසස් පෙළ පෙබරවාරි 07 සිට

වර්ෂ 2021ට අදාළව 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විභාග මධ්‍යස්ථාන 2,943කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
අපොස උසස් පෙළ 2021 විභාගය 2022 වසරේ පෙබරවාරි මස 7වනදා සිට මාර්තු 5වනදා දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
මධ්‍යස්ථාන 2,438කදී විභාග කටයුතු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පුවත යවන්න