සංචරණ සීමා මැද වෙළදාම් කටයුතු සදහා අවසර හිමිවන ආකාරය

පිටකොටුව තොග වෙළද මධ්‍යස්ථානය අද සිට දින තුනක් විවෘතව තැබීමට පියවර ගෙන තිඛෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ තොග වෙළදාම සදහා පමණක් මෙලෙස විවෘත කෙරෙන බවයි.

මේ අතර දිවයිනේ සියලු ම ආර්ථික මධ්‍යස්ථාන ලබන 24 සහ 25 යන දිනවල විවෘතව තැබීමට රජය අවසර ලබා දී තිබුණා .

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථික මාධ්‍යස්ථානවලට ගෙන ඒමටත් වෙළඳුන්ට ආර්ථික මධ්‍යස්ථානවලින් ද්‍රව්‍ය රැගෙන යෑමටත් සංචරණ සීමාවලින් කිසිදු බාධාවක් නොමැති බවයි.

පුවත යවන්න