සති 2ක් රට නොවැසුවොත් විය හැකි විනාශය බරපතලයි / විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ

“සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමට පෙර රට සති 2 ක් වසා තැබිය යුතු කාලය මේ‘‘ යැයි ජාතික රෝහලෙහි හෘද රෝගායතනයේ මැදිහත්වීමේ හා සාමාන්‍ය හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා අවධාරණය කරයි.

දිනපතා වාර්තා වන Covid-19 ආසාදිතයින්ගේ විශාල සංඛ්‍යාවත්, සියලු වයස් කාණ්ඩවල මරණ අනුපාතය ඉහළ යාමත් සමඟ දැනට පවතින වසංගතයේ ආපසු හැරවිය නොහැකි අඳුරු අවධියකට පිවිසීමේ අද්දර අපි සිටින්නෙමු. අවම වශයෙන් සම්ප්‍රේෂණ චක්‍ර 2 ක් වත් වැළැක්වීම සඳහා සති දෙකක සම්පූර්ණ අගුළු දැමීමක් දිවයින පුරා ප්‍රකාශයට පත් කිරීමට නියම කාලය එළඹ ඇති බවට මම තරයේ අවවාද කරමි.

වක්‍රය පැතලි කිරීමට ක්ෂණික ක්‍රියාමාර්ග නොගන්නේ නම්, ඉදිරියේ පැමිණෙන කාලය කෙතරම් මාරාන්තික විය හැකිද යන්න කෙටිකාලීන ප්‍රතිලාභ නොසලකා, දිගුකාලීනව සිතමින් නිශ්චය කළ යුතුය.වර්තමානයේ කඩින් කඩ සිදු කරනු ලබන ප්‍රාදේශීය අගුළු දැමීම්, හානිකර සමාජ ව්‍යාප්තියක් හමුවේ අවම වශයෙන් ප්‍රතිඵලදායක වනු ඇත.

යම් පුද්ගලයෙකු ආසාදනය වුවහොත් රෝග ලක්ෂණ පෙන්වීම සඳහා බීජෞෂණ සමය දළ වශයෙන් දින 5ක් පමණ ගත වන අතර එතැන් සිට ඔහු/ඇය දින 8 ක් දක්වා (බොහෝ විට රෝග ලක්ෂණ නොමැතිව හෝ ) රෝගය අන්‍යයන්ට බෝ කරන තත්ත්වයේ ම සිටින බැවින් මෙම කෙටි අගුලු දැමීම් කිසිසේත් ප්‍රයෝජනවත් නොවනු ඇත.

කෙසේවෙතත්, ජනතාව සහ රට ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථිකයෙහි සමහර කාර්‍යයන් තවදුරටත් ක්‍රියාකාරීව පවත්වා ගෙන යා යුතුය යන කරුණ අපට සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි අතර ආහාර, සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවන්, කෘෂිකර්මාන්තයේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ යම් නිශ්චිත සේවාවන්, ඉහළම ආරක්ෂක පියවරයන් දැඩි ලෙස පිළිපැදීමට යටත් ව නිදහස් කළ යුතුය.

අපි සියලු දෙනාම එකට සිටිමින් සෑම කෙනෙකුම සමාජ ව්‍යාප්තිය නැවැත්වීමට තනි තනිව වගකිව යුතු අතර ආසාදිතයින් සඳහා තව දුරටත් රෝහල් නොමැති වීමටත්, ජීවිත්වීමට සටන් කරන අයට තව දුරටත් ඔක්සිජන් නොමැති වීමටත් සරලව මුළු රටම දණින් වැටීමටත් පෙර එය දැන්ම නතර කළ යුතුව ඇත.

Dr Gotabhaya Ranasinghe

පුවත යවන්න