සයිබර් අපරාධකරුවන් නැගෙනහිර ආසියාවේ රටවල දත්ත සොරකම් කරලා

චීනයේ සයිබර් ප්‍රහාර මගින් නැගෙනහිර ආසියාවේ රටවල හමුදා හා රජයේ දත්ත සොරකම් කර ඇති බවට චෝදනාවක් එල්ල කර තිබෙනවා.
නයිකොන් සමූහය ලෙස නම් කරන මෙම හැකර්වරුන් චීන මහජන විප්ලවීය හමුදාව සමග ක්‍රියාත්මක වන බවටයි ජාත්‍යන්තර මාධ්‍ය චෝදනා කළේ.
හැකර්වරුන් ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවලත් නැගෙනහිර ආසියාවේ තවත් රටවල දත්ත සොරකම් කර ඇති බවට මෙමගින් හෙළිකර තිබෙනවා.
අදාළ චෝදනා පිළිබද මෙතෙක් චීනය ප්‍රතිචාර පළ කර නැහැ.

පුවත යවන්න