පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) ජනාධිපති කාර්යාලයේ දී පස්වරු 4ට පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ සඳහා කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ද මෙම හමුවට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදා පැවති පක්ෂ නායක හමුවේ දී සාකච්ඡාවට බඳුන් වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ එහි දී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇති.