චීනයෙන් ආනයනය කළ මතභේදයට තුඩු දුන් පොහොර තොගය වෙනුවට අදාළ සමාගම ප්‍රමිතියෙන් යුත් වෙනත් පොහොර තොගයක් මෙරටට ලබාදිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් ජයසිංහ මහතා සඳහන් කළා. එලෙස පොහොර ලබා නොදෙන්නේ නම් ඒ සඳහා ලබාදෙන මුදල් ආපසු ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු බවයි ඔහු කියා සිටින්නේ.
නියමිත නිර්දේශවලින් තොරව තිබූ පොහොර මෙරටට ගොඩබෑම තහනම් කිරීම නිසා දින කිහිපයක් පොහොර තොගය සහිත නෞකාව දිවයින ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබුණා. අනතුරුව එම නෞකාව පසුගිය 4 වැනිදා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශවලට අනුව පොහොර තොගය ප්රතිනිෂ්පාදනය කරන ලෙස අදාළ චීන සමාගමට දැනුම් දුන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා සඳහන් කළේ. කෙසේවෙතත් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත චීන පොහොර සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා.