යේමන දේශසීමා ආසන්නයේ පිහිටි සෞදි අරාබියේ ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමින් හවුති කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ශ්‍රි ලාංකිකයකු ද තුවාල ලබා තිබෙනවා.
මෙම ඩ්‍රෝන යානය ගුවනේ දී විනාශ කිරීමට සවුදි අරාබිය සමත් වුවද එහි සුන්බුන් කඩා වැටීමෙන් 12 දෙනකු තුවාල ලබා තිබුණා.
තුවාල ලැබූ පිරිස අතර සෞදි ජාතිකයන් දෙදෙනෙකු, බංග්ලාදේශ, නේපාල, ඉන්දිය හා පිලිපීන ජාතිකයන් කිහිප දෙනකු ද ඇතුලත්.
මේ වන විට අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.