සවුදි අරාබි කාන්තාරය බොහෝ දෙනකු විසින් සලකනු ලබන්නේ නිරුදක කාන්තාරයක් ලෙසයි.
කෙසේ වෙතත් මෑතක සිට එම කාන්තාරයේ වැලි යමින් වැසී යමින් පවතිනවා.
මෙම මස මුලදී, සෞදි ඡායාරූප ශිල්පී ඔසාමා අල්-හබ්රි විසින් ,ඉස්ලාමීය වන්දනා නගරයක් වන මෙඩිනා හි නිරිත දෙසින් පිහිටි බද්ර් ගවර්නරේට් හි ගුවන් ඡායාරූප ලබාගත් අතර ,එමගින් හිමෙන් වැසුණු සවුදි කාන්තාරය දැකගත හැකි වනවා.
අල්-හර්බි සීඑන්එන් වෙත පැවසුවේ බද්ර් කාන්තාර ප්‍රදේශයේ එතරම් ශීත කාලගුණයක් මතුවීම වසර ගණනාවක් තිස්සේ සිදු නොවූ දුර්ලභ සංසිද්ධියක් බවයි.
සෞදි අරාබියේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් මදීනා ප්‍රදේශයට මධ්‍යස්ථ හෝ තද වැසි, සුළං, අඩු දෘශ්‍යතාව සහ හිම කැට සහිත වැසි අපේක්ෂා කළ බව සෞදි පුවත්පත් ඒජන්සිය සදහන් කළා.