සහල්, කිරිපිටි, තිරිගුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ගැන අවසන් තීරණය අද

සහල්, කිරිපිටි, තිරිගුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල සම්බන්ධයෙන්  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ජීවන වියදම් කමිටුව අද රැස්වන අතර මිල වැඩි කළහොත් පාරිභෝගිකයන් අපහසුතාවයකට පත් නොවන මට්ටමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

“පසුගිය දිනවලදී කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සමාගම් සමග අපි සාකච්ඡා කළා. ඒ අය මිල වැඩිකිරීම් සඳහා ඉල්ලීම් කළා. ඒ අය ලබාදෙන මිල වැඩිකිරීම් කරන්න මොනම ආකාරයකින්වත් කටයුතු කරන්නේ නෑ. ගණනයකිරීම් කරලා පාරිභෝගිකයාත් ආරක්ෂාවෙන ආකාරයේ මිල වැඩිකිරීම් තමයි කරනවා නම් කරන්නේ. ඒ අනුව අපි යම් මිල වැඩි කිරීමක් දුන්නොත් ආයේ මාස 3කට මෙහා යළි මිල වැඩිකිරීමක් ඉල්ලන්න එපා කියලා තියෙන්නේ. අද සාකච්ඡාවෙදී මේ ගැන අවධානය යොමු කරලා යම් එකඟතාවයන්ට එන්න පුළුවන්.”

පුවත යවන්න