පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබු සහල් මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළේ, සත්භාවයෙන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අමාත්‍ය මණ්ඩලය හා රජය එම තීරණය ගනු ලැබුවේ පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මුලික පරමාර්ථය ඇතිව බව ද ඒ මහතා සඳහන් කළා.
කෙසේ නමුත් එම නිදහස භාවිත කරමින් යම් පාර්ශවයක් සහල් මිල වැඩිකිරීමට කටයුතු කරනවා නම්, රජය හා පාරිභෝගික අධිකාරිය වගකීමෙන් යුතුව ඒ සඳහා මැදිහත් වන බව ද රාජ්‍ය අමාත්‍යවරා පැවසුවා.
ඒ අනුව අද සහල් මෝල් හිමියන්ගේ සංගමය විසින් අද දින ප්‍රකාශ කර තිබෙන සහල් මිල ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව ද අද (28) දින අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මේ වන විටත් ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ මුලික කටයුතු සිදුකර අවසන් බවත් පැවසු ඒ මහතා, ජනතාවට සාධාරණ මිලක ට එම සහල් ලබාදීමට රජය මැදිහත්ව කටයුතු කරන බව ද සදහන් කළා.