ස්ථාවරයේ වෙනසක් නැහැ- දිගු නිහඬියාව බිදිමින් විමල් පිළිතුරු දෙයි

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට විරුද්ධව තමන් දැරු ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කඩුවෙල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ නිහඬ බවත් එක්තරා ආකාරයක අර්ථවත් හඬ නැගීමක් බවයි.

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍යංශය ලබා දීම පිළිබද ජාතික නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබදව ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

තම පක්ෂය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් බවත් ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව අතරින් අයෙකුට තනතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ අයිතිය බැවින් එය ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළේ.

පුවත යවන්න