ස්වාධීන පක්ෂ 11 කණ්ඩායමෙන් විශේෂ ප්‍රකාශයක්

ස්වාධීන වූ පක්ෂ 11 ඒ රැස්වීම කොමිස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (05) රාත්‍රියේ පැවැත්වුණා.

එහි දී ස්වාධීන පක්ෂ එකොළහේ ජනතා නියෝජිතයන් මෙසේ අදහස් පළ කළා.

විමල් වීරවංශ

රටේ පවතින අරාජික තත්වය ගැන කතා කළා. පොදු ජනතාව විඳින පීඩනය ගැන එය තුරන් කිරීමට ගත යුතු පියවර ගැන අපි කතා කළා. එක පියවරක් හැටියට අපි මූලික වෙලා මේ ඉන්ධන සහ ගෑස් පොහොර අර්බුදය විසඳන්න රුසියාව සමග ඉතා කිට්ටු වැඩපිළිවෙලකට යන්න කල්පනා කළා. එහි ප්‍රතිඵල ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් මෙය ශ්‍රී ලංකා රජය පැත්තෙන් දක්වන උනන්දුව අනුව තව නොබෝ දිනකින් අපට අවසන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. රට දැන් පවතින පාලනය පිළිබඳ කිසිම විශ්වාසයක් ජනතාවට නැහැ. එකම විසඳුම තියෙන්නේ මැතිවරණයක් පැවැත්වීමට හැකි වාතාවරණයක් ඇති වන ආත්මය ප්‍රධාන මහජනයා පීඩාවට පත් කර තිබෙන ප්‍රශ්න කිහිපයෙන් එම ජනතාව ගලවා ගැනීම සඳහා නිශ්චිත අවම වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ඒ වැඩපිළිවෙළ පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා සර්වපාක්ෂික අන්තර් පාලන පාලනය පිහිටුවීමට. ඒ සඳහා මූලික කත්ත්වය අපි ගන්නවා තවත් ලිබියාවක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මෙහෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අපි මුල් වෙනවා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ දිහා බලලා පමණක් රැස් වෙනවාද නැද්ද කියලා හිතන්න ඕනෙ නෑ. එහෙම බැලුවොත් මෙච්චර කාලයක් හිටපු එකත් ගැනත් දුක් වෙන්න වෙනවා රටක ප්‍රශ්න ගැන. මම නෙමේ හිතන්න ඕනි. අර්බුදය කළමනාකරණය කියල විෂයක් තියෙනවා ලෝකය අර්බුදකාරී තත්වයක නායකත්වය දෙන්න ඕන සාමාන්‍ය තත්ත්වයක වගේ නෙමෙයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් ලැබෙන ටික තව කවදද ඉවර වෙන්නේ ඊට පස්සේ කරන දේ මොකක්ද මේ වගේ දීර්ඝ කාලීනව හිතමින් විය හැකි දේවල් ගණන් කරමින් මැන බලමින් අර්බුදකාරී තත්ත්වයක ද විශේෂ තීරණ ගන්න ඕනේ. දැන් වෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් ඇති වත් හැසිරෙන විදිහට නෙමේ මේ දෙපළ නායකත්වය දෙන්නේ.

ඕනම අරගලයක් සාමකාමීව කෙරෙනවා නම් ප්‍රචණ්ඩත්වයෙන් තොර වන අපි එයට බාධාවක් නෑ. අපි සහය දක්වනවා යම් කිසි අරගලයක් චේතනාන්විතව ප්‍රචණ්ඩත්වයට ගෙනියන්න උත්සාහ කරනවා නම් තවත් ලිබියාවක් කරන්න උත්සාහ කරනවා නං අපි අකමැති නිසා අපි ප්‍රචණ්ඩකාරී කිසිවකට අනුමැතියක් වත් සහයෝගයක් නෑ. රුසියාවත් එක්ක අපි සාකච්ඡා කළ තුනක් බොහොම කඩිනමින් අපි හොඳ ආරංචියක් මේ රටට දෙනවා. එහෙම වුනොත් මහජනයා දැවෙන පෝළිමේ ගොඩගැහෙන පීඩනයෙන් ජනයා ඉවත් කරගන්න පුළුවන්. රුසියාවෙන් ගත්තොත් සියයට තිහක් 35ත් අතර මිල අඩුවීමක් තියෙනවා.

අතුරලියේ රතන හිමි

මහජනතාව අතර විශාල නොසන්සුන්තාවයක් හා අසහනයක් ඇතිවෙලා තියෙනවා. එක පිළිගන්න ඕනේ. අද ආණ්ඩුවක් නැති අරාජික තත්ත්වයක් රටේ උද්ගත වෙලා තියෙනවා. මිනිස්සු දරාගන්න බැරි තත්ත්වයක් ඉන්නේ. දරාගන්න බැරි පීඩනයකින් නේ පාර්ලිමේන්තුව පක්ෂවල එකඟතාවයක් නැතිව පත් කරපු අගමැතිවරයෙක් ඉන්නේ. පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාව තියෙන පුද්ගලයෙක් පත්වෙන්න ඕනේ අගමැති හැටියට පාර්ලිමේන්තුවේ 113ක් එකතු වෙලා අපි විශ්වාස කරනවා ආණ්ඩු පක්ෂයේ ඉන්න සමාජය ගැන හිතන්න පුළුවන් රටේ අනාගතය ගැන හිතන්න පුළුවන් අවංක පිරිසක් පොදුජන පෙරමුණේ ඉන්නව කියල පිහිටා ආස කරනවා. ඒ පිරිස ඕනේ අපිට පොදුජන පෙරමුණේ අවංකව හෘද සාක්ෂි අත් තියෙන මිනිස්සුයි විපක්ෂයේ අයයි එකතු වෙලා නියම සර්වපාක්ෂික ආණ්ඩුවක් හැකි ඉක්මනින් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වය අපි රැස්වුණා අපි හෙටත් ඒ රැස්වීමක් පවත්වනවා.

ජනාධිපතිතුමා කිසි කෙනෙක් එක්ක සාකච්ඡාවක් නැහැ. එතුමා ජනාධිපති මන්දිරයේ ඉන්නවා පාර්ලිමේන්තුව එකතුවෙලා තීරණයක් ගත්තම හරි රටේ තත්ත්වය ගැන හිතලයි තීරණයක් ගන්න ඕනේ. අනිවාර්ය අපි හිතනවා ඉදිරි සතියේ එහෙම තීරණයකට එන්න පුළුවන් කියලා.පාර්ලිමේන්තුවේ 113 තීරණය කරන්න ඕන කවුද අගමැති වෙන්න ඕනේ කියලා.

මොහොමඩ් මුසම්මිල්

ආණ්ඩුව සහ අගමැතිවරයා ප්‍රශ්න විතරක් මිනිසුන්ට කියලා ප්‍රශ්න වමාර වමාර යනවා මේවට උත්තර හොයන්න ආණ්ඩුව ජනතාවට වග නොකියන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කළා සියලුම දේශපාලන පක්ෂ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගිය යුතුයි මේක ජාතික වගකීමක්. රට හමුවේ පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි. සර්වපාක්ෂික රජයක නායකත්වය සාමූහික නායකත්වයක් වෙන්න ඕනේ තනිපුද්ගල නායකත්වය කියන එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ගෝඨාභය මහින්ද රනිල් වෙනුවට තව එක චරිතයක් ආවයි කියලා තනි පුද්ගලයින්ට ම එක වෙනස් කම් කරන්න බැහැ. සාමූහික වැඩපිළිවෙළක් නායකත්වයක් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි මෙක ජාතික අර්බුදයක්. මේ ජාතික අර්බුදයෙන් ගොඩ යන්න නම් තමාගේ නුවණ දක්ෂතාවය දේශපාලන ක්ෂේත්‍රයට දිය යුතුයි. සජිත් ප්‍රේමදාස මේ අර්බුදයේ ස්වභාවය පැහැදිලි කළා අයි.එම්.එෆ් පිරිස ගැන කතා කරපු දේවල් සහ ඇමරිකානු තානාපති එක කතා කරපු දේවල් කතා කළා.
මහජන නියෝජිතයන් වශයෙන් අපේ වාක්‍ය ම තමයි කවුරුත් එකතුවෙලා මේකට උත්තරයක් හොයාගන්න එක.විපක්ෂ නායකයා මෙහෙම කැඳවීම ගැන අපි සතුටු වෙනවා කැඳවීමක් විතරක් නොවී මේ ක්‍රියාමාර්ගයක් හැටියට ඉදිරියට යා යුතුයි.

වාසුදේව නානායක්කාර

රටේ අරාජිකත්වයට යමින් තියෙන තත්ත්වයක් තියෙන මේ නිසා අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් එක්මනට හදන්න පුළුවන් තත්ත්වයක් හදන්න ඕනේ. මේ වැඩේට 113ක් ලෑස්ති කරගන්න ඕනි. පොදුජන පෙරමුණේ ඉන්න අයගෙන් තමයි අපිට ආණ්ඩුව හදන්න උවමනා ශක්තිය හා දායකත්වය ලබා ගන්න වෙන්නේ. ජනාධිපතිවරයා නැවත සර්ව පාක්ෂික රජයක් ගැන කතා කරන්න ඉඩ තියෙනවා කියලා මට තොරතුරක් ලැබුණා. අපිට එවැනි ආණ්ඩුවක් හැදීමට එකඟත්වයක් පළ කරන්න ඔහු කැමති වෙයි.මේ 113 හැදෙන්නේ පුද්ගලයෙක් වටා නෙමේ අදහස් මාලාවක් වටා. බැසිල් මහත්මයාගේ අදහස් පරාජය කර ගෙන යා යුතුයි.

ප්‍රේමනාත් දොලවත්ත

ආණ්ඩුවක් හැටියට රනිල් වික්‍රමසිංහට උදව් කරන එක මේ වනවිට අපි කරනවා. ආණ්ඩු පක්ෂය හැටියට අර්බුදවලින් ඉතා ඉක්මනින් ගොඩ ගිහිල්ලා ජනතාව වෙනුවෙන් සහාය ලබා දෙන්න කොහොමද කියන එකත් අපි සාකච්ඡා කරනවා. මටත් වඩා ඉදිරියෙන් ගිහිල්ලා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා ආණ්ඩු පක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මම විශ්වාස කරනවා. මේ දේශපාලන කතිකාවත දීර්ඝව තිබුන අද අපේ ආණ්ඩුවට මේ ඉරණම අත් වෙන්නේ නැහැ කියන කාරණය දේශපාලන අපේම සංවාදයක් තිබුණෙ නැහැ සංවාදයක් අපි හදාගන්න ඕනේ.
අද මේ තත්ත්වය නිර්මාණය වෙන්නෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ස්වාධීන වීම හරහා සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන්න වෙලා තියෙන්නෙ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ස්වාධීන වූ කාරණය මත. මේ ප්‍රශ්නය විවෘත ආර්ථිකයෙන් ප්‍රශ්නය ඇතිවෙච්ච අප විසින් ගත කරපු ආර්ථික ක්‍රමවේද වල හැසිරීම ජීවන චර්යා සියල්ලම බලපානව මේ තත්ත්වයට.ව්‍යාපාරිකයෝ දේශපාලකයෝ ජනතාව රාජ නිලධාරීන් මේ සියලු දෙනා බලපානවා මේ ප්‍රශ්න උද්ගත වෙන්න ව්‍යාපාරිකයෝ බොහෝ කාලයක් හොරපාරෙන් ඩොලර් එහෙම කළා මේ වත් බලපෑවා.හැමෝම දේශපාලන කරලා තමන් බලයට එන්න උත්සාහ කරනවා මිසක් සහ බලය පවත්වා ගෙන යන්න උත්සාහ කරනවා මිසක් අවංකවම මේ ප්‍රශ්නයට නැති කරන්න මැදිහත් වෙන්නේ නෑ. අපිට මීළඟ අගමැතිවරයා වෙන්නේ කවුද කියන එක වැදගත් නෑ සියලු දෙනාගේ මත වාද සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි.

ඩිව් ගුණසේකර මහතා

අයි.එම්.එෆ් එකට අපි දාසය වතාවක් ගිහින් නිර්දේශය ක්‍රියාත්මක කරල තමා අපි සමහර තැන්වල අමාරු වැටුණේ. ඉන් එක කොන්දේසියක් ආනයන අසීමිතව ගේන්න ඕනේ. වෙළඳපොළේ ණය ගන්න ඕනේ.ඒකත් එක නිර්දේශයක් ඒගොල්ලන්ගෙන් ගොඩ එන්න බෑ. ණයත් ඒ ඒ කොන්දේසි ටිකක් දායි නමුත් අපි බලන්න අපේම ක්‍රමයක් හොයාගෙන හිතවත් රටවල් එක්ක සම්බන්ධ වෙලා ජපානය ඉන්දියාව රුසියාව චීනය වැනි රටවල් එකයි අපි එකතු වෙන්න ඕනේ වෙන රට වල ආධාර දෙන්නේ නැහැ. මූල්‍ය අර්බුද ඇති වන අවස්ථාවක අනිත් රටවල් වල සල්ලි නෑ මේ රටවල් වල සල්ලි තියෙනවා.
විදේශ ප්‍රතිපත්තිය ඇමරිකාවට ගැති ප්‍රතිපත්තියක් අරගෙන යනවා අගමැතිට ජනාධිපතිට උපදෙස් දෙන්නේ ඔවුන්. ඔවුන් හදන්නේ අරාජික තත්වයට රට තල්ලු කරන්න රනිල්ට යන්න කියන්න ඕනේ. හැමදේටම ඉස්සර මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න ඕන. ඉන්ධන ප්‍රශ්න සැදුනොත් ගෑස් සහ ඉන්ධන විසඳුන මිනිස්සු සහ වන තත්ත්වයට පත්වෙනවා කියලා මට පුළුවන් අපිට ඊළඟ ප්‍රශ්න ටික විසඳ ගන්න. රුසියාවේ පුටින් එක කතා කළොත් හෙට ඉඳලා වෙළඳපලට පොහොර ගෑස් ඉන්ධන තුනම ගෙනන්න පුළුවන්.

වීරසුමන වීරසිංහ

මේ සතිය තීරණාත්මක සතිය සහ තීරණාත්මක මාසයක් බවට ජූලි මාසය පත්වෙනවා. ජනතාව විශාල පීඩනයකට පත් වෙලා තියෙන්නෙ අවංකවම උවමනාවක් පේන්නෙ නැහැ මේ ප්‍රශ්න විසදන එක ගැන. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට දවස් 50ක් වෙලා තියෙනවා මේ ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් කියලා තීරණය වෙලා තියනව දැන්. ඉන්ධන පිරවුම්හල් විකුණන්න පිරිපහදු විකුණන්න මැදිහත් නොවී අවංකව මැදිහත් වෙන්නෙ කියලා අපි කියලා. රුසියාව සමග දේශපාලන හා ආර්ථික ගනුදෙනු ඇති කරගන්න කියලා අපි කියන්නේ මේ ප්‍රශ්න යට තියෙන විසඳුමත් ඒකයි.
21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විදියට එන්න තියෙන ව්‍යවස්ථා සංශෝධනයටත් කාක්කො කොටන්න ඉඩ තියෙනවා. එය නිවැරදිව ගෙන එන්න අපි කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා. අප්‍රේල් මාසයේ 8 වැනි දා අපේ පක්ෂය ඇතුළු කණ්ඩායම රජයට ලබා දුන් විසඳුම සුරක්ෂා ආණ්ඩුවක් හදන්න ජනාධිපතිට විසඳුම දුන්නා. ඒ වෙලාවේ සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සෘජුව ලබා දුන්නේ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ම්ලේච්ඡ ප්‍රහාරය එක් පැත්තකින් ගෝල්ෆේස් ප්‍රහාරය එක් පැත්තකින් සමහරු එකතුවෙලා කරපු ගිනිගැනීම් ප්‍රහාර ජනවාරි නම වැනිදා ප්‍රහාරයන් එල්ල කලා. රට අරාජිකත්වයට ගියා. අද වන විට විපක්ෂ සියළු පක්ෂ පොදු එකඟතාවකට ඇවිල්ල තියෙනව අන්තර් පාලන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න. පහුගිය කාලේ අපිට ඔය නම් පොදුජන පෙරමුණේ පිරිසක් අරගෙන අපේ ඉපිද සත් එකතුවෙලා ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තිබුණා. අපි ඒ වගේ කළේ නෑ මොකද හේතුව සර්වපාක්ෂික ආණ්ඩුවක් අපිට ඕනේ මේ ප්‍රශ්න විසඳන්න.පක්ෂය හා අපේ දේශපාලන දෙවනුව තියලා රට වෙනුවෙන් හිටගන්න අපි සූදානම්. රටේ ප්‍රශ්න විසදන්න. ජනාධිපතිට තියෙන එකම විසඳුම සර්ව පාක්ෂික රජයක් පිහිටවන ජනතා ප්‍රශ්න විසඳන එකයි. ඒ තමයි එකම ක්‍රමය.

පුවත යවන්න