සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ, සාමකාමී විරෝධතාවක නියැලීමට සියලුදෙනාට නිදහස තිබිය යුතු බවය.
එය ප්රජාතන්ත්රවාදී මූලික ලක්ෂණයක් බවත් එවන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුනොකළ යුතු බවත් අමෙරිකානු තානාපතිවරිය පෙන්වා දී තිබේ.
මේ අතර විරෝධතා සහ පෙළපාලී පැවැත්වෙන ප්රදේශවලට යාමෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකානු රාජ්ය නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට අයත් සියලු ඉදිකිරීම් ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ලැබී ඇති බවය.
ඒ අනුව අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කරන අවස්ථාවේ යම් ප්රචණ්ඩකාරී තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් එම ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය සිය නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.