සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අධ්‍යයන කටයුතු හෙට සිට ඇරඹෙයි

දිවයින පුරා සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා හෙට ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය නිර්දේශවලට අනුව ප්‍රාථමික අංශ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබූ පාසල් අධ්‍යයන කටයුතු අදියර කීපයක් යටතේ ආරම්භ කිරීමට පියවර ගැණුනා. ඒ අනුව ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සාමාන්‍ය සහ උසස් පෙළ ශ්‍රේණි හෙට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා. සෞඛ්‍ය නිර්දේශවලට අනුව පාසල් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ. 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුකර නැති අතර ඉදිරියේදී එම ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ. අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙනවා.

පුවත යවන්න