පාස්කු ඉරු දින කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන ප්‍ර්‍රහාරය එල්ල කළ ඝාතකයාගේ බිරිය පුලස්තිනී රාජෙන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ය. දෙමළ හින්දු කතක් වූ ඇය පසුව ඉස්ලාම් ආගම වැලඳ ගත්තාය. පාස්කු ප්‍රහාරයට පසු දෙවැනි ප්‍රහාරයට ලෑස්ති වී සයින්දමරුදු හි නිවසක සැඟවී සිටි කල්ලියේ සාමාජිකයන් ඉලක්ක කර හමුදාව එල්ල කළ ප්‍රහාරය අතරතුර දිවි බේරා ගැනීමට සමත් වූ එකම කත සාරාය. ඇයට ගැලවී යාමට හැකි වූයේ ඇය විදෙස් ඔත්තු සේවාවක නියෝජිතවරියක නිසා බව දැනට පවතින විශ්වාසයයි.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු පළා ගිය ඇය ඉන්දියාවේ වාසය කරන බවට ප්‍රමාණවත් සාධක ඉකුත් සමයේදී අනාවරණවී තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ෂනය කළ කොමිසම හමුවේද විටින් විට සාරා පුලස්තිනීගේ නම සඳහන් වුවද ඇය ඉන්දියාවට පිටත්ව යාම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාර පිළිබඳව කොමිසම අවධානය යොමුකළ බවක් නොපෙනීම විමතියට කරුණකි.
ඇය ඉන්දීය රෝ ඔත්තු සේවය සමග යම් සබදතාවයක් පැවැත්වූ බවට සාධක බවතින බව නිදහස් පක්ෂය විසින් නිකුත් කළ නිවේදනයක් මගින්ද පෙන්වා දී ඇත.
එබැවින් කොමිසමේ මෙම දුර්වලතා පිළිබද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සත්‍ය යම්තාක් දුරකට හෙලිවී තිබුණද එහි සුපැහැදැලි තොරතුරු දන්නා එකම තැනැත්තිය වන්නේ සාරා මිස අන් යමෙකු නොවේ.
එහෙයින් ඉන්දියාවේ අවංකභාවය උරා ගා බැලීමේ අවස්ථාවක් ලෙසද සාරා පුලස්තිනී යලි ලංකාවට භාරදෙන ලෙස ඉල්ලා සිටීමට ලංකාවට බැරිකමක් නැත.
නැතහොත් බොහෝ දෙනකු පවසන ආකාරයටම සාරා පුලස්තීනීගේ සාක්ෂි රහිත වාර්තාවක් පරිපූර්ණ නොවන අතර එය සත්‍ය පෙනි පෙනී උපකල්පන වැලදගැනීමකට සමානය. – Lanka A News