සියලු දුම්රිය ස්ථානාධිපතිවරු හෙට(13) දින සේවයෙන් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඒ අනුව ස්ථානාධිපතිවරු අද(12) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වන බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගැනීම සඳහා පවතින වසංගතයෙන් දුම්රිය සේවකයින් රැක ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.