මෙවර සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් එන්නත් කාඩ්පත ලග තබා ගැනීම අනිවාර්ය කර තිඛෙනවා.
සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයේද මේ පිළිබද සදහන්.
එන්නත් කාඩ්පත හෝ එහි ඡායා පිටපතක් ලගතබා ගැනීම අනිවාර්ය වේ.
එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුඛ ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදීම ද ගැසට් පත්‍රයේ සඳහන් වේ.
එමෙන්ම ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතුය.