සිර දඩුවම් විදින රන්ජන්ට තනි සිර කුටියක්

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තනි සිර කුටියකට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහතා මේ බව අනාවරණ කළේ ගාල්ල බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂාව පිළිබද කණගාටුව පළකිරීමෙන් පසුව මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා අනාවරණ කළා.

විපක්ෂනායකවරයා පසුගියදා කියා සිටියේ , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග රදවා තිබීමෙන් රාමනායක මහතාගේ ආරක්ෂාවට ගැටළුවක් මතුව ඇති බවයි.

පුවත යවන්න