සීෂෙල්ස්හිදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සීෂෙල්ස්හි ලා ඩිගු දූපතේ ඉදිකිරීම් සමාගමක සේවය කළ 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා. අදාළ පුද්ගලයා දින කිහිපයක සිට සේවාස්ථානයට වාර්තා නොකිරීම හේතුවෙන් සමාගමේ නිලධාරියෙකු එම පුද්ගලයා නැවතී සිටි නිවසට ගොස් පරීක්ෂා කර තිබෙනවා.
එම අවස්ථාවේදී ඔහු සිය කාමරය තුළ වැටී සිටිනු දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයේදී අදාළ පුද්ගලයා මිය ගොස් ඇති බවට අනාවරණ වූ බවයි වාර්තා වන්නේ. වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයා ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවයි.