සුප්‍රකට මාධ්‍යවේදී ලැරී කිං කොරෝනාවට බිලි

ලෝකයේ සුප්‍රකටම මාධ්‍යවේදියකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන ලැරී කිං මරණයට පත්ව තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය පැවසුවේ ඔහු මිය යන විට 87 වන වියේ පසුවූ බවයි.
වසර 25ක් පුරා සී එන් එන් නාලිකාවේ රාත්‍රියේ ඔහු ඉදිරිපත් කළ වැඩසටහන මිලියන එකහමාරක පිරිසක් නරඹන වැඩසටහනක් බවට පත්ව තිබුණා.
සිය මාධ්‍ය ජීවිතය තුල ඔහු විසින් පවත්වා ඇති සම්මුඛ සාකචිජා ගණන 50,000 ක් ඉක්මවනවා.
කොරෝනා ආසාදිතව පසුගිය දිනවල ඔහු ප්‍රතිකාර ලබන් සිටියා.

පුවත යවන්න