සුපිරි ටෙනිස් තරු දෙකක් ලංකාවේ නිපදවූ ටී ෂර්ට් පැළද අවසන් මහා තරගයේ

මෙල්බර්න් හි පැවති ඕස්ට්‍රේලියානු ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි අවසන් තරඟයට ඊයේ එක්ව සිටි නොවාක් ජොකොවිච් සහ ඩැනිල් මෙඩ්විඩෙව් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ටී ෂර්ට් වලින් සැරසී සිට තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මාස් ආයතනය විසින් මෙම ටී ෂර්ට් සපයා දී ඇති බවයි ඩේලි එෆ් ටී වෙබ් අඩවිය වාර්තා කළේ.
මෙහිදී නොවාක් ජොකොවිච් ඩැනිල් මෙඩ්විඩෙව් පරාජය කරමින් 9 වන වරටත් ශූරතාවය දිනා ගනු ලැබුවා.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේම ඇඟලුම් සඳහා ලැකෝස්ට් ආයතනය අනුග්‍රහය දැක්වූ අතර එම සමාගම මාස් ආයතනයේ ගැණුම්කරුවකු වනවා.
වසරකට වැඩි කාලයක් සැලසුම් කරමින් මෙම ටී ෂර්ට් නිපදවූ බවයි මාස් සභාපති මහේෂ් අමලීන් මහතා පවසන්නේ.
මේ සමග 2021 වසරේ සියළු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි සඳහා ඇඟලුම් නිෂ්පාදන හවුල්කරු වශයෙන් මාස් ආයතනය දායකවීමට නියමිතයි.

පුවත යවන්න