සුපිරි ධනවතා ඇමසොන් සමාගමේ මුල් පුටුවෙන් බැස යයි

ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර දෙවන තැන පසුවන ජෙෆ් බෙසොස් ,ඇමසොන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ ගරාජයක සිට ඔහු ඇමසන් සමාගම ආරම්භ කර වසර 30 කට පසුවයි.
ඔහු වෙනුවෙන් පුරප්පාඩු වන තනතුරට ඇමසන් ක්ලවුඩ් පරිගණක ව්‍යාපාර සමූහයේ ප්‍රධානී , ඇන්ඩි ජැසී පත්කිරීමට නියමිතයි.
මින් ඉදිරියට ජෙෆ් බෙසොස් ඇමසොන් සමාගමේ විධායක සභාපතිවරයා ලෙස පමණක් කටයුතු කරන බවයි සමාගම නිවේදනය කළේ.
මෙම විවේකය සමග ඉදිරි පියවර වෙනුවෙන් තමන්ට වැඩි ශක්තියක් ලැබෙනු ඇති බවයි ජෙෆ් බෙසොස් පවසන්නේ.

පුවත යවන්න