බාර් ඇරියොත් පාසල් විවෘත කරන්න කල් යාවි /ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

සුරාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ අප්‍රසාදය පළ කර තිබෙනවා.

සුරාසල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණය කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය කියා සිටියා.

සුරාසල් ඉදිරිපිට ජනතාව පොරකන දර්ශන දක්නට ලැබුණු බවත් මෙය සුබවාදී තත්වයක් ලෙස සැලකිය නොහැකි බවත් ඇය සඳහන් කළා.

මින් කොවිඩ් පාලන වැඩපිළිවෙළට සිදුවන හානිය ඉතාම වැඩි බව පැවසූ ගුණරත්න මහත්මිය පාසල් ඉක්මනින්ම විවෘත කිරීමට ඇති අවස්ථාවද මෙමගින් දීර්ඝ විය හැකි බවයි සදහන් කළේ.

රෝගය පාලනය කර රට කොළපාට දක්වා යන ගමනට මෙය හානිකර බවද පද්මා ගුණරත්න මහත්මිය පැවසුවා .

පුවත යවන්න