සුවය ලැබූ බව පවසා නිවසට එවූ 20 හැවිරිද තරුණියක් කොරෝනාවෙන් මරුට

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතරට රිදීමාලියැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියක ද ඇතුලත්ව සිටිනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට මහියංගණය මූලික රෝහලටත් එම රෝහලෙන් බදුල්ල මහ රෝහලටත් මාරු කර යැවීමෙන් පසු ඇය පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇයගේ මරණයට‌ හේතුව ලෙස දැක්වෙන්නේ, උග්‍ර කොවිඩ් නියුමෝනියාව සහ ශ්වසන පද්ධතිය අක්‍රියවීමයි.
මෙම තරුණිය කොරෝනා ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් දින 7කට පසුව සුවය ලැබූ බව සදහන් කරමින් නිවෙස වෙත යොමුකර තිබියදීයි මෙසේ යලිත් රෝගීවී මරණයට පත්ව තිබුණේ.
ඇය ඇගළුම් ආයතනයක සේවය කරමින් සිටි බවද හෙළිකර තිබෙනවා.
මේ ඒ පිළිබද අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා

“ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දින 7කට ආසන්න කාලයක් ගත කරලා මේ කාන්තාව 15 වනදා නිවස කරා යොමුකරලා තියෙනවා. මෙම කාන්තාව 16 වන දින සන්ධ්‍යා භාගයේදී නැවතත් අසනීප වීම නිසා 1990 ගිලන් රථයකින් බදුල්ල රෝහලට පිටත්කර යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. කෙසේවෙතත් ඒ අතරතුර රෝගය අසාධ්‍ය වූ බැවින් මහියංගනය රෝහලට ගෙනියන බව1990 ගිලන් රථයෙන් ප්‍රකාශකරලා තියෙනවා. මහියංගනය රෝහලේ පැයක ආසන්න කාලයක් මේ රෝගියා රඳවාගෙන සිටි බව තමයි අපිට වාර්තාවෙන්නේ. කෙසේවෙතත්  මේ රෝගියා මියයෑමෙන් පස්සේ, මේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවාවේ තියෙන යම් යම් අඩුපාඩු නිසා. මේ චෝදනාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යොමුවෙලා තියෙනවා. මේ ආසාදිතයා දින 10ක කාලසීමාවකින් නිවස කරා යොමුකරද්දි මේ රෝග ලක්ෂණ පිළිබඳව සැලකිල්ලක් දැක්වුයේ නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා.“

පුවත යවන්න