සුසිල්ගේ ඇමැතිකම එස්.බී. එපා කියයි

සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය එස්.බී. දිසානායක මහතාට ලබාදීමට යෝජනා වී ඇතත් එය ඔහු විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ඊට හේතු ගණනාවක් රජයේ ඉහළ තැන්වලට දන්වා ඇතත් ඒ මොනවාද යන්න අනාවරණය වන්නේ නැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පවතින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. – Aruna

පුවත යවන්න