ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය චීනය සමඟ ඇති කර ගත් මතභේදාත්මක බෙල්ට් ඇන්ඩ් රෝඩ් ආරම්භක ගිවිසුම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් වන බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.
එරට අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කලේ 2018 දී චීනය සමඟ ඩොලර් ට්‍රිලියන 1.5 ක ගිවිසුමක් නව සේද මාවත ව්‍යාපෘතිය තුල අත්සන් තබා තිබුණ ද එයින් තම රටට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවයි.
ඒ අනුව ලබන මාර්තු 10 වන විට ඔස්ටේ්රලියාවේ සියළු ප්‍රාන්ත. විදේශ බලවතුන් සමඟ ඇතිකරගත් සියලු ගිවිසුම් විස්තර කළ යුතු අතර එය ෆෙඩරල් රජය විසින් තක්සේරු කරනු පබනවා.
මේ යටතේ චීනය සමග ඇති කරගත් ගිවිසුම පිළිබද ගැටළු පවතින බැවින් සති කිහිපයකින් එය ඉවත් කළ හැකි බවයි ස්කොට් මොරිසන් මහතා පවසන්නේ.
මෙය දෙරට අතර වෙළද යුද්ධය වර්ධනය කරන අවස්ථාවක් ලෙසටයි අනාවැකි පලවන්නේ.