සෞඛ්‍ය ඇමතිනිය ගැන සාවද්‍ය පුවතක් පල කළ පුද්ගලයන්ට එරෙහි නීතිමය පියවර

කොරෝනා වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාර අසත්‍ය බව  සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එචි රෝහලේ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද ද්වේශසහගතව සහ ජනතාව නොමග යවන අයුරින් පුවත් පළ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි අමාත්‍යාංශය පවසන්නේ.

පුවත යවන්න