යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී කර ගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ නීති නොතකා පූජා උත්සවයක් පවත්වා තිබෙනවා.
අදාල දේව පූජාව වෙනුවෙන් සහභාගී වූ සියලු බැතිමතුන් සමාජ දුරස්ථ භාවය, මුඛාවරණ පැළඳීම වැනි සෞඛ්යාරක්ෂිත පියවර කිසිවක් අනුගමනය නොකරමින් මෙම දේව පූජාවට සහභාගී වීම පිළිබඳව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
මේ වන විට රට පුරා සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් කඩ කරමින් ජනතාව කටයුතු කරන අතර මෙය හානිකර කොරෝනා රැල්ලකනට මුල්විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.